හෙට දැවැන්ත උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානය වැටලීමට සූදානමක්

හෙට (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසයි.

ඉන් අනතුරුව සන්දේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරිමට ද සූදානමින් සිටින බව ද ඔවුන් ප්‍රකාශ කරයි.

ජාතික සම්පත් විකිණීම සඳහා වන ගිවිසුම් වහාම හකුලා ගන්නා ලෙසට දන්වමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ඔවුන් සංවිධානය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

Exit mobile version