හෙට දිනය ගැන පොලිසියෙන් දැනුම් දීමක්.

හෙට (1) දිනය යෙදී ඇති සියලු දේශපාලන රැළි සදහා ආරක්ෂක විධි විධාන යොදවා ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වැඩි දුරටත් අදහන් දැක්වූ නිහාල් තල්දූව මහතා,

“කොළඹ නගරයේ හෙට දින පැවැත්වෙන මැයි දින පෙළපාලි සහ මැයි රැළි සම්බන්ධයෙන් අවධානය යොමු කළොහොත් පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා ක්ෂේත්‍රයේ රාජකාරි යොදවලා තියෙනවා රථවාහන රාජකාරී සඳහාත්. මාර්ගයේ ගමන්ගන්න රථවාහනවලට බාධාවක් නොවන විදියට කටයුතු කරන්නේ කෙසේ ද? කියන කාරණය. අපි මේ සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, විශේෂයෙන්ම ඔවුන් එක මංතීරුවක් භාවිත කරමින් ගමන් කිරීමට එකඟතාවය පළ කරලා තියෙනවා. අනෙක් මාර්ගයේ ගමන්ගන්නා වාහනවලට බාධාවක් නොවන ආකාරයට. රථවාහන නිලධාරීන් රාජකාරියේ යොදලා තියෙනවා. අපි සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා එකඟ වූ ආකාරයට කටයුතු කරන්න.”

Exit mobile version