රටේ අර්බුධය විසදීම සදහා දේශපාලන පක්ෂවලට අරාධනා කලද, එය සිදු නොවීම නිසා ඊයේ රාත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට කැදවා පැයක පමණ සකාච්චාවකින් පසු රටේ අර්බුධය විසදීමේ අභියෝගය බාරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමති වී තිබුණි.
එසේ කැමති වීමත් සමගම අද (12) වැනි දින වන විට දේශපාලන පක්ෂවල අර්බුධකාරී තත්වයක් ඇතිව තිබේ. ඒ අතර අද (12) ජනාධිපතිවරයාට ලිපියක් යවමින් sajith ප්‍රේමදාස මහතා කොන්දේසි කිහිපයක් යටතේ අග්‍රාමාත්‍ය තනතුර බාරගැනීමට කැමති බවත්, හෙට එහි දිවුරුම් දීමට සූදානම් බවත් ඒ සදහා සකච්චාවලට සූදානම් බවත් සදහන් කර තිබේ.
කෙසේ වුවත් අද සන්ධ්‍යාවේ රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිලෙස දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වේ. කෙසේ වුවත් මේ වන විට දේශපාලන පක්ෂ දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
ඒ අතර පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපිය පහතින් ගන්න.
