හෙට පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ තහනම්

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

පාර්ලිමේන්තුව අවට මාර්ගවල විරෝධතා දැක්වීම නිසා මහජන පීඩා ඇති විය හැකි බැවින් ඒවා වැලක්වීමට ආඥාවක් නිකුත් කරන ලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් (19) කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා වූ මාර්ගවල විරෝධතා දැක්වීම නිසා පොදු මහ ජනතාවට පීඩා සිදු විය හැකි බැවින් වසන්ත මුදලිගේ වසන්ත කුමාර, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු නම් කරන ලද 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට එරෙහිව එම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් බලතල ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගයට අනුව නම් කර නැති පුද්ගලයන්ටද එම ප්‍රදේශයේ උද්ඝෝෂණ කිරීම තහනම් වේ

Exit mobile version