මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ හෙට (23) දිනයේ දීත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතරහමාරක පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.
ඒ අනුව කලාප 03කට පැය 04කුත් මිනිත්තු 40ක කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 04කුත් මිනිත්තු 30 කාලයක් මෙසේ විදුලිය විසන්ධි කෙරෙන බවයි.
එමෙන්ම මෙම තත්ත්වය මතුවීමට හේතුවූයේ පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
