හෙට විවෘත කෙරෙන අධිවේගියේ කොටස

හෙට (15) දිනයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන අදියර ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල තෙක් ඉදිකර ඇති දෙවන අදියරෙහි දුර කිලෝමීටර් 40.91කි.

මෙම අධිවේගී මාර්ග පථය පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන අයුරින් ඉදිකර ඇති අතර එය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස මෙය පෙන්වා දිය හැකිය.

මෙම මාර්ග කොටස ඉදිකර ඇත්තේ දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදාගනිමින් වීමද විශේෂත්වයකි.

මෙම කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හි මුදල් ගෙවීමේ කවුලු සහිතව අන්තරු හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඉදිකර ඇත.

මේ සඳහා වැයව ඇති මුදල රුපියල් බිලියන 137ක් බව සඳහන් වේ.

Exit mobile version