හෙට සහ අනිද්දා නත්තල් කුණාටු.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නිරිතදිග බෙංගාල බො‍‍ක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (25) දිනයේ දී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින  බවයි.

ඒ අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දෙදින දිවයිනේ බොහෝ ප්‍රදේශවල  වැසි සහ සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

උතුර, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

විශේෂයෙන් නැවත දැනුම්දෙන තුරු නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

Exit mobile version