පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක්ව ප්‍රසිද්ධව සිටි උදේනි නොහොත් ‘ඩිස්කෝ’ නැමති කාන්තාව තියුණු අයුධ හා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය සදහන් කර ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 14 ක් ඇය සන්තකයේ තිබ් හා තියුණු අයුධ 4 ක් සැකකාරියගේ නිවසේ තිබියදී සොයා ගත් බවයි.
සැකකාරිය 42 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කාරියක් වන බවයි වාර්තා වන්නේ.
දැනට විදෙස්ගතව ප්‍රංශයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධකරුවකු වන ‘රූබන්’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබා දෙමින් මෙම සැකකාරිය සිටි බව අනාවරණය වී ඇති බව වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් හට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින කොළඹ ප්‍රදේශයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
