හෙරෝයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

”වැල්ලම්පිටිය කුඩු ස්වර්ණා“ යන අනුවර්ථ නමින් හදුන්වන ප්‍රබල හෙරෝයින් ජාවාරම් කාරිය රුපියල් ලක්ෂ පහකට අසන්න වටිනාකමක් ඇති හෙරෝයින් සමග අත්අඩංගුවට ගෙන තෙබෙ.

63 හැවිරිදි මෙම කාන්තාව සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 25යි මිලි ග්‍රෑම් 940ක් පොලීසිය භාරයට ගෙන තෙබෙ.

මෙම කාන්තාව වැල්ලම්පිටිය ලන්සියාවත්ත ඇයගේ නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බස්නාහිර පළාත් දුෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව වැටලීමකදී වන අතර ඇය හට විරුද්ධව මහඅධිකරණයේ මත්ද්‍රව්‍ය නඩු 4ක් විභාග වෙමින් පතින බව ද වාර්තා වේ.

Exit mobile version