හෙරෝයින් සමග 10 දෙනෙකු කොටුවෙයි.

ඊයේ (04) උදෑසන මහනුවර පොලීසිය කළ වැටලීමකින් හෙරෝයින් සමග 10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ . එම අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු සිටින බව කියයි.මෙම සැකකරුවන් සන්තව හෙරෝයින් ග්‍රෑම් 39 මිලිගෑම් 265ක් තිබූ බව සදහන් වේ.

මෙම වැටලීම සදහා පොලිස් නිලධාරීන් 48 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක් වී ඇති අතර සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් කරයි .

Exit mobile version