ඊයේ (24) අලවතුගොඩ , දුනුවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හේරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 70 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
එම සැකකරු සන්තකයේ තිබී ඇපල් වර්ගයේ දුරකථන 9 ක් , ස්මාර්ට් ජංගම දුරකථන 11ක් , කුඩා ජංගම දුරකථන 9 ක් , තහනම් පිහි 7 ක් , කඩුවක් , දුරදක්න 2 ක් , ටී 56 පතොරොම් 11 ක් , මුදල් රුපියල් 17 , 040 ක් , යුද හමුදා ජැකට් එකක් , මත්ද්‍රව්‍ය පැකට් කිරීම සදහා යොදා ගන්නා කුඩා හැඳි , කුඩා කන් හැඳි , ඉටි කවර සොයා ගත් බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.