හෙළ පියුම් ළමා සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක්.

හෙළ පියුම් සංවිධානයෙන් මහා නාහිමිවරුන්ට ඉල්ලීමක් !

ජනරජ ලාංඡනය අවභාවිතා කිරීම වැළැක්වීමට මැදිහත් ලෙස විශේෂ ඉල්ලීමක් ඊයේ මල්වතු අස්ගිරි නාහිමිවරුන් වෙත ඉදිරිපත් කෙරිණි.

එම ඉල්ලීම ඉදිරිපත් කරන ලද්දේ හෙළ පියුම් ළමා සුරැකීමේ සංවිධානය විසිනි. එහි ලේකම් පූජ්‍ය නෙල්ලියද්දේ ධම්මකිත්ති හිමියන් එහිදී ප්‍රකාශ කළේ ජනරජ ලාංඡනය විධායකය , වයවස්ථාදායකය , අධිකරණය යන තුන්කල්හිම තබන ලද උත්තරීතරම ලාංඡනයක් බවය . විශ්ව සංකේත රාශියකින් සමන්විත ජනරජ ලාංඡනය මෝටර්රථ දෙපාර්තමේන්තුව විසින් අදූරදර්ශී ලෙස 2000 වසරේ සිටි මෝටර් රථ අංක තහඩු මත මුද්‍රණය කිරීම කණගාටුදායක තත්ත්වයක් බවත් ඒ පිළිබඳව අදාල නිලධාරීන් දැනුවත් කරන ලෙසත් උන්වහන්සේ නාහිමිවරුන්ට පැවැසූහ .

( සරත් සමරනායක )

Exit mobile version