අද (09) උදෑසන හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය කුඹුක ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්විණ.
එම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ කුඹුක – බටුවිට ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන ලෙසට ඉල්ලමින්ය.
අදාළ විරෝධතාවය පැය 02ට ආසන්න කාලයක් පුරා හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය ද අවහිර කරමින් පැවතිණ.
අනතුරුනව පොලිස් නිලධාරීන් පැමිණ එම මාර්ගයේ එක් මන්තීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර දීමට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.
