හොරණ නගරයේ වම දකුණ මාරු වේ.

හොරණ පානදුර මාර්ගය හොරණ නගරයට අසන්නයෙන් අවහිර වී ඇත.

ඉන්ධන ලබා ගැනීම සඳහා හොරණ ප්‍රදේශය දෙසටත් පානදුර දෙසටත් වන ලෙස වාහන රාශියක් රැඳී සිටීම හේතුවෙන් මෙම මාර්ග අවහිර වීම සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

පානදුර දෙසට ගමන් ගන්නා වාහන හොරණ දෙසට ගමන් කළ යුතු මං තීරුවෙත්, හොරණ දෙසට ගමන් ගන්නා රථ වාහන පානදුර දෙසට ගමන් කෙරෙන මං තීරුවෙත් ගමන් ගන්නා බව ඇතැම් ස්ථානයන්හිදී දැකගත හැකි බව ද අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

මෙම දැඩි වාහන තදබදය හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරව ඇති බව සඳහන් වේ.

Exit mobile version