සැකකාර හොරණ නීලක නමැත්තා මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.
අදාළ නිවස ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා සැකකාර නීලක නමැත්තා විසින් මෙසේ සිය දරුවා පැහැරගෙන ගොස් ඇත.
එමෙන්ම මීට සතියකට පමණ ඉහත දී ඔහු සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර ඇත.
මෙම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා භාරයේ සිට ඇති අතර හෙට (18) දින පරිවාස භාරයට පත් කිරීමට නියමිතව සිට ඇත.
