ATM කාඩ් 15 ක් සමග අයෙක් අත්අඩංගුවට.

ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැම්ණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීමට සහය වන මුවාවෙන් එම කාඩ්පත් වල රහස් අංක ලබා ගෙන , අදාළ පුද්ගලයාගේ මුදල් සමග ව්‍යාජ කාඩ්පතක් මාරු කර , නිවැරදි කාඩ් පත් තමා සතුව තබා ගනිමින් , පසුව එම කාඩ්පත් වලින් මුදල් ලබා ගැනීම සිදු කළ සැකකරුවෙක් ATM කාඩ්පත් 15 ක් සමග අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු 24 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් ස්ථාන කිහිපයක් වෙත ලැබුණු පැමිණිලි 50 ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයක දී ඊයේ (10) දින සැකකරු අත්අඩංගුවට ගත් බව සදහන්.

Exit mobile version