“ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරකිමු රටට මහත් විපතක් කළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ ශ්‍රී ලංකාවට එපා” යනුවෙන් ලිපියක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලේකම් ප්‍රේම් කුලතිලක විසින් සමාජ මාධ්‍යට නිකුත් කර ඇත.
එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පාලකයින්ගේ නොසැලකිල්ල නිසා ඖෂධ සහ ආහාර හිඟ වී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බාධා එල්ල වී ඇතත් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ සෞඛ්‍ය දර්ශක අතින් ඉන්දියාවට වඩා ඉහළ ස්ථානයක සිටින රටක් බවයි.
ඒ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය ඒ තුළින් බිහිවන දක්ෂ දරුවන්ගේ ආගමනය හේතුවෙන් වීම බව බොහෝ දෙනා අමතක කර ඇති බවත් එවන් පසුබිමක අපේ රටේ පාලකයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යනු මිස ඉන්දියාවට යන බවක් අප අසා නැති බවත් එහි ලේකම් පෙන්වා දී ඇත.
“එසේම ලෝකයේ වැඩිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවක් එනම් 550ක් පමණ ඇති ඉන්දියාව සෞඛ්‍ය දර්ශක අතින් සිටින්නේ අපේ රටට පහළින් බව අමතක කර ඇත.
එසේම ලෝකෙන්ම වැඩිම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සඳහා පිටරටට ඇදී යන සිසුන් සංඛ්‍යාවක් සිටින්නේ ද ඉන්දියාවේ වන අතර මෑතක කොරෝනා සහ වඳුරු වසංගතය ඉන්දියාවට ගෙනාවේ ද ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකි.
ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සුදුසු නම් ඉන්දියානු සිසුන් ඉගෙනීම සඳහා විදේශගත වන්නේ නැත
එසේම ලෝකයේ ඉහළ සෞඛ්‍ය පහසුකම් තිබෙන රටක් වන සිංගප්පූරුව තම රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඉඩ දී නැත
එවන් පසුබිමක රාගම වෛද්‍ය පීඨයෙන් සයිටම් පෞද්ගලික උපාධි කඩයෙන් පාඩම් ඉගෙන නොගත් තක්කඩි දේශපාලඥයන් හා ඔවුන්ගේ අනුදැනුම මත ලයිසියම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය මගින් නැවතත් එවැනිම උපාධි කඩයක් දැමීමට උත්සාහයක් දරනු බව මේ වන විට පෙනී ගොස් ඇත
එසේම පහුගිය පාඩම් වලින් ඉගෙන ගෙන මේ වන විට ඔවුන් සිය උපාය මාර්ග වෙනස් කරමින් සිටින බවක්ද අප හට පෙනී ගොස් ඇත
අදාල අනුමැතිය ඉල්ලීම රාජ්‍ය ආයතන වෙත පළමුව කරන ඉල්ලීම පසෙක දමා ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ආයතන වෙත අදාල ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අපහට දැනගන්නට ලැබී ඇත
ශ්‍රී ලංකික ශිෂ්‍ය ව්‍යාපාරය සහ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂාව කිරීමට එහි ප්‍රතිලාභ භුක්ති විඳි අප අනාගත පරපුරට එහි ප්‍රතිලාභ අත්කර දීම වෙනුවෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය වනසන අදාළ පෞද්ගලික උපාධි කඩයට එරෙහිව මින් පෙර රාගම වෛද්‍ය පීඨය සහ සයිටම් උපාධි කඩය මෙන් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය සමග එක්ව කටයුතු කරන බව දැන්වීමට කැමැත්තෙමු
එය අපගේ පුද්ගලික හෝ දේශපාලන අරමුණක් මත නොව මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීමේ සැබෑ වුවමනාවෙන් බව අවධානය යොමු කරනු කැමැත්තෙමු
රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරීමට කටයුතු කිරීමේදී ත්‍රීමාවිතාන ඇතුළු දක්ෂ වෛද්‍ය සිසුන් විශාල පිරිසක් රටට අහිමි වූ අතර, සයිටම් ආයතනය අහෝසි කිරීමේ දී මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව සමග එක්ව ඔවුන්ගේ දෙමාපියන් මේ රටේ බහුතර ජනතාව ඒ වෙනුවෙන් කටයුතු කළ අතර , ඉදිරියේදීත් අනිවාර්යෙන්ම ශිෂ්‍ය ප්‍රජාව සමඟ එක්ව එවැනි කුමන ආකාරයක හෝ මෙරට සෞඛ්‍ය සේවය විනාශ වන කිසිවකට ඉඩ තැබීමට අප ඉඩ නොදෙමු
එසේම මේ වන විට තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්චා ගන්න ට උවමනා අයුරින් මේ වන විට අදාළ ආයතනය කටයුතු කරන බව පෙනී යයි.
ලෝකයට සාපේක්ෂව අපේ රටේ වෛද්‍ය හිඟයක් නැත මීට පෙර වෛද්‍ය සභාවෙන් ලබාගත් තොරතුරු මත හා ඉන් අනතුරුව මෙරට වෛද්‍ය පීඨ වලින් බිහි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව එකතු කළ විට මේ වන විට 35000 ඉක්මවා සිටී එසේම රටේ වෛද්‍ය පීඨ තුළ 12000කට අධික සිසුන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා අතර ක්‍රමානුකූලව ඔවුන්ද රාජ්‍ය සේවයට එක් වෙමින් සිටින පසුබිමක බොරු වෛද්‍ය හිඟයක් සහ විදේශ විනිමය හිඟයක් මවා පාමින් කටයුතු කරන බව පෙනේ
මීට පෙර ඔවුන්ට එසේ කීමට හැකියාවක් තිබුණත් දැන් එය එසේ කීමට හැකියාවක් නැත මක් නිසාද යත් මුදල් ගෙවා ඉගෙනීමට රාජ්‍ය වෛද්‍ය පීඨයක් එනම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුල ඇත
එයට මේ රටේ උසස් පෙළ සමත් සිසුන්ට විදේශයන්ට මුදල් නොගෙවා තම රට තුළ ඉගෙනීමට හැකියාවක් පසුබිමක් මේ වන විට සැකසී ඇත
හැමදාම කියන සටන් පාඨය මෙන් දක්ෂ දරුවන්ට වෛද්‍යවරයෙක් වීමට එවැනි අවස්ථාවක් දැන් ඇත
එසේම පසුගිය කාලයේ සයිටම් ආයතනයේ අති දක්ෂයන් සිටින්නේ යැයි කියමින් පාරම්බෑ සයිටම් උපාධි කඩය තුළ උසස් පෙළ අසමත් සිසුන් තිස් පස් දෙනෙක් සිටි බව කීවේ දිනමිණ රාජ්‍ය පුවත්පතයි
එසේම රට සතු ජාතික දේපලක් වන හම්බන්තොට වරාය විකුණා එයින් ලැබෙන මාසික ආදායමට වඩා වැඩි මුදලක් එම සයිටම් ආයතනය සතු නෙවිල් ප්‍රනාන්දු රෝහලට ලබාදීමට පසුගිය සහ වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින බව රටට රහසක් නොවේ
එහෙත් මාසිකව කෝටි 25 කට ආසන්න මුදලක් පුද්ගලික රෝහලක් වෙත ලබා දෙන වත්මන් පාලකයන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අහිංසක රෝගී දරුවන්ට ලබාදෙන ඖෂධ වෙනුවෙන් හිඟ මුදල් වශයෙන් කෝටි 25 ක් ලබාදීමට අපෝහසත් වීම නිසා ළමා රෝහල තුළ උග්‍ර බෙහෙත් හිගයක් ද මතුව ඇති අතර එම රෝගී දරුවන්ට ප්‍රෝටීන සහිත ආහාරයක් ද ලබා දෙන්නේ නැත
එවන් පසුබිමක කෝටි ගණන් මුදල් වියදම් කරමින් උසස් පෙළ සමතුන් ගේ ප්‍රතිඵල පෙන්වමින් දේශපාලනඥයන්ගේ හා මේ රටේ ජාතික ධනය සූරාගෙන කන අයගේ උසස් පෙළ අසමත් දරුවන් හට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩයක් ලබාදීමට මේ රට මෙතරම් විපතකට ඇද දැමූ දේශපාලනඥයන්ගේ අනුදැනුම මත කවරකු හෝ කටයුතු කරන්නේ නම් එයට එරෙහි වන බව මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය හා රෝගීන් ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ අවධානය යොමුව ඇති බව මෙයින් කාරුණිකව දන්වමු.”
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලේකම් ප්‍රේම් කුලතිලක විසින් මෙම කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ තිත්ත උනත් ඇත්තකි.මුදලට වෛද්‍යවරුන් පත්කර අනතුරුව රටේ මිනිස් ජීවිත මරණයට කැප කිරීමට කටයුතු කරමින් සිටින බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතියි.
කෝටි ගණනින් මුදල් වියදම් කර විදෙස් රටවලින් බෙහෙත් ගන්න පාලකයින් ඉන්න රටේ ජනතාව බෙහෙත් නැතිව මියයන තත්ත්වයක් දැන් උදා වී ඇත.පිළිකා රෝහල අඩපණ වීමේ ලකුණු, ළමා රෝහලේ ප්‍රතිකාර සඳහා බෙහෙත් නැහැ, ජාතික රෝහලේ X-ray ගන්න මැෂින් එක්ක නැහැ.මෙවැනි තත්ත්වයක් තුළ පාලකයින් කෝටි ගණිනින් වියදම් කරමින් සිංගප්පූරුව ආදී රටවලින් ප්‍රතිකාර ලබයි.
රටේ ජාතික ධනය සූරාකන මෙම කූට ව්‍යාපාරිකයින්ගේ දරුවන්ට වෛද්‍යවරු වීමට කටයුතු කරන මෙම වෛද්‍ය අධ්‍යාපන කඩ ඉදිවීම වැළැක්විය යුතුව ඇත.
