කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැළදුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවට එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කළ බව වාර්තා වේ.
“ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. මේක අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තත් මේ වනවිටත් රෝගීන් 35ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දිනකට රෝගීන් 3 – 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙනවා. රක්තපාතය තියෙන රෝගීන් ගත්තහම 7දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් මේ රෝගී තත්ත්වය තවදුරටත් ඉක්මනින්ම අඩුවෙයි කියන දේ විශ්වාස කරන්න අපහසුයි. මොකද වැසි කාලගුණය තවදුරටත් පැතිරෙමින් පවතින නිසා. එනිසා ජනතාව දැඩි අවධානයක් යොමුකරන්න ඕන අවට සහ නිවෙස්වල පරිසරය ඒ වගේම රැකියා ස්ථානය හා පාසල් භූමිය මදුරුවන් බෝ නොවන ස්ථානයක් බවට පත්කිරීමට.”
නිසි පාලනයක් නොකළහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතිහාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවට පත්වීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව සදහන්.
