උස්බෙකිස්තානය සඳහන් කළේ ඉන්දීය ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කැස්සට ලබාදෙන දියර ඖෂධයක් පානය කළ දරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ එම ඖෂධය Marion Biotech නම් සමාගම විසින් නිෂ්පාදනය කළ ඖෂධයක් බවයි.
මෙම ඖෂධය තුළ විෂ සහිත එතිලීන් ග්ලයිකෝල් අඩංගු බවත් දරුවන්ගේ වැඩිහිටියන් විසින් වෛද්‍ය උපදෙස් ලබා නොගෙන එම ඖෂධ දරුවන්ට ලබා දී ඇති බවත් උස්බෙක්ස්තාන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
එමෙන්ම මීට ඉහතදී ද ගැමිබියාවේ ද ළමුන් 69 දෙනෙක් දියර ඖෂධයක් පානය කිරීමෙන් පසු මියගොස් තිබූ බව වාර්තා වේ.















































