හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සදහා සහභාගි වූ ළමුන් 40ක් ආහාර විෂවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට වාර්තා වේ.
ඒ හේතුවෙන් අදාළ හෝටලය හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂාවට ලක් කිරීමේදී හෝටලයේ ජල ටැංකිය අපවිත්‍රව තිබූ බැවින් ජලය සහ ආහාර සාම්පල කළුතර රස පරීක්ෂක කාර්යාලය වෙත යොමුකළ බව සදහන්.
තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් එම හෝටලයට නඩු පැවරීමට කටයුතු කර ඇති බව සදහන්.
