ෆ්ලොරීඩෝවේ රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා අභිබවා යයි.

Patients wait in line to get a swab test at a COVID-19 mobile testing site hosted by the Manatee County Florida Department of Health in Palmetto, Florida, U.S., August 2, 2021. REUTERS/Octavio Jones

ෆ්ලොරීඩෝවේ රෝහල්වල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එන්නත් ලබා දීමට පෙර පැවති තත්ත්වයට වඩා මෙම තත්ත්වය වැඩි වී ඇත.

එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් පවසනු ලබන්නේ ෆ්ලොරීඩා වැසියන් 11,515 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බවත්, වසංගතයේ දී කලින් දුටු රෝගීන්ට වඩා නව රෝගීන් තරුණ හා සෞඛ්‍ය සම්පන්න වූවන් ය.

එන්නත් හා මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට දරන උත්සහයට රිපබ්ලිකන් ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් විරුද්ධත්වය දක්වයි.

එක්සත් ජනපදය පුරා,පසුගිය සතියේ වාර්තා වූ රෝගීන්ගෙන් තුනෙන් එකක් ෆ්ලොරීඩා හා ටෙක්සාස්හිදී වාර්තා විය.

වර්තමානය වන විට ෆ්ලොරීඩාවේ රෝහල් වල ඇඳන් ධාරිතාව ඉක්මණින් පිරී යන අතර ඇතැම් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇත.රෝහල් ශාලාවල හා තාවකාලික මධ්‍යස්ථාන වල රෝගීන් ද තාවකාලිකව තබා ඇත.

ජූලි 04 වන නිදහස්දින නිවාඩුව වන විට ජනාධිපති ජෝ බිඩෙන් බලාපොරොත්තු වූ කඩ ඉමක් වන ඇමරිකානුවන්ගෙන් 70% කට වැඩි ප්‍රමාණයකට මේ වන විටත් එන්නත් එකක් හෝ ලැබී තිබේ.

ෆ්ලොරීඩාවේ එන්නත් කිරීමේ අනුපාතය දළ වශයෙන් ජනගහණයෙන් සාමාන්‍ය අගයක් පිළිබිඹු කරන නමුත් බොහෝ ඊසාන දිග ප්‍රාන්තවල දක්නට ලැබෙන අනුපාතවලට වඩා අඩු ප්‍රතිශතයක් ගෙන ඇත.

පදිංචිකරුවන්ගෙන් 50% ක් පමණ මුළුමනින් ම එන්නත් කර ඇති නමුත් ප්‍රාන්තයේ විශාල විශ්‍රාමික ප්‍රජාව අතර එම සංඛ්‍යාව බෙහෙවින් වැඩිය.

බලධාරීන් පවසන්නේ එන්නත් ලබාගත් අයට මෙම වෛරසය වැළඳී ඇතිනම් රෝග ලක්ෂණ මතුවිය නොහැකි නමුත් වෛරසය තවකෙකුට ව්‍යාප්ත විය හැකි බවයි.

ජෝන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය පවසන පරිදි, කොරෝනා වෛරස් වසංගතය ආරම්භ වීමෙන් පසු ෆ්ලොරීඩාවේ මරණ සංඛ්‍යාව 39 000කට වඩා වාර්තා වී ඇත.

Exit mobile version