වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට .

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලක මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

මෙක්සිකෝවේ නිදහස් දින සැමරුම් අතරතුර මෙම වෙඩි තැබීම සිදු ව තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ කල්ලි අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට විදෙස් මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version