කැණීම් කරමින් සිටි සැකකරුවන් 07ක් පොලිස් දැලේ.

ඊයේ (09) දින උදෑසන කාලයේදී අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අතුරුගිරිය පොලිස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39ත් 59ත් අතර වයස්වල පසුවන පුවක්පිටිය හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (10) දින හෝමාගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.

Exit mobile version