මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 08ක් ඉන්දියාවේදී කොටුවෙයි.

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්‍රෑම් අටක් බරැති රත්‍රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී රත්‍රං තොගය සොයා ගෙන ඇත.

වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බෝට්ටුව නවත්වන ලෙසට නියෝග කළ ද සැකකරුවන් අණ නොතකා පළාගොස් තිබේ.

අනතුරුව වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩිතැබීම් හමුවේ සැකකරුවන් බෝට්ටුව අතහැර පළගොස් ඇත.

එලෙස හැරගිය බෝට්ටුවේ තිබී අදාළ රත්‍රං තොගය සොයාගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් රත්‍රං තොගය අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් දකුණු ඉන්දීය රේගු කාර්යාලය වෙත යොමු කොට ඇති බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 

Exit mobile version