1 සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට තීරණය කරයි

අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් 3,884ක් පාසල් විවෘත කිරීමේ ප්‍රථම පියවර වශයෙන් ආරම්භ කිරීමටය.

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්කරණය අවශ්‍ය නොවන බැවින් කොවිඩ් වසංගතය පහව යාමත් සමග යළි පාසල් විවෘත කිරීමේ දී මෙම පියවර අනුව පාසල් යළි විවෘත කිරීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසා ඇත්තේ පියවර 04ක් යටතේ යළි පාසල් විවෘත කරන බවය.

ඒ අද (24) පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ය.

අදාළ නිවේදනය පහතින්,

Exit mobile version