ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇති බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසා ඇති බව වාර්තා වේ.

ඉන් ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

2023 ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 23 වනදා අතර කාලය තුළ එම ආයෝජන මෙරටට ලැබුණු බවට ඔහු පවසා තිබේ.

Exit mobile version