ගුවන් හමුදාවේ ටියුබ් 10ක් පොලිසියෙන් උස්සලා. හොරුන්ගෙත් හොරු කම්බ හොරුලු..

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කටුනායක සැපයුම් සහ නඩත්තු කිරීමේ ඩිපෝවේ ගබඩාවක ගබඩා කර තිබූ බස් සහ ලොරි රථවලට යොදන ටියුබ් වර්ග 59ක් අතුරුදහන්ව තිබී මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ ඒකකය මගින් සැකකරු සහ අදාළ භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන සීදූව පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම භාණ්ඩ හොරකම් කර ඇත්තේ එම ගබඩාවේම සේවය කළ සිවිල් සේවකයෙකි. අදාළ පරීක්ෂණවලදී මෙම සේවකයා කඳවුරෙන් පරිබාහිර ටයර් කඩවල්වලට මෙම ටියුබ් විකුණා තිබූ බවත් එම ටියුබ් 59 ම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

නමුත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ ඉන් ටියුබ් 49ක් බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ නමුත් අදාළ සැකකරු ලබා දුන් තොරතුරුවලට අනුව ටියුබ් 59ම භාර දී තිබේ.එසේ ටියුබ් 59 ම භාර දුන්නේ නම් ඉතිරි ටියුබ් 10ට වූයේ කුමක්ද යන්න පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රශ්න කරයි.

ඒ අනුව මෙම ටියුබ් 10 හොරකම් කර ඇත්තේ අදාළ පරීක්ෂණ කණ්ඩායමද එසේත් නොමැතිනම් සීදූව පොලිසිය මගින්ද යන්න පිළිබඳව වෙනමම පරික්ෂා කළ යුතු ය.

මේ පිළිබඳව විමසීම සදහා අප ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථව ගියේය.

කෙසේ නමුත් අපට ලැබී තිබෙන වාර්තාවලට අනුව මෙම ටියුබ් 10 මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ ඒකකය තුළදීම අතුරුදහන්ව තිබේ .එසේත් නොමැතිනම් 2003 මැයි මස 14 වන දින සීදූව පොලිසියට කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ශණය කළ විමර්ශණ කණ්ඩායමේ යම් පුද්ගලයෙක් හෝ යම් කණ්ඩායමක් විසින් මෙම ඉතිරි ටියුබ් 10ම හොරකම් කර තිබේ.

තවද පරීක්ෂණවලදී යම් අතපසුවීමක් සිදුව තිබේනම් එයද ගැටලුවක් වන්නේ ඉතිරි ටියුබ් 10 ම මිලදී ගෙන ඇත්තේ මහජන මුදලින් වන බැවිනි. නමුත් සැකකරු ප්‍රකාශ කර තිබෙන මුල් ප්‍රකාශය තුලම ටියුබ් 59ක් භාර දුන් බව සදහන් වේ.

එසේම අපටද ලැබී තිබෙන හඩපටවලට අනුව ටියුබ් 59ක් ඔහු පොලිසිය වෙත භාර දී තිබේ.එසේනම් ඉතුරු ටියුබ් 10 ට සිදුවූයේ කුමක්ද යන්න සොයා එය ගුවන් හමුදාවට භාර දීම පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිය වේ.

අපට ලැබෙන තොරතුරු වලට අනුව මෙය සටහන් කර තිබෙන බැවින් මෙහි මූලික පරමාර්ථය වන්නේ මහජන මුදලින් මිලදී ගෙන තිබෙන ටියුබ් 10 පිළිබඳව වන ගැටලුව පමණක් වන අතර අදාළ විමර්ශණ කණ්ඩායම් හෝ විමර්ශණ ස්ථාන පිළිබඳව අපට ලබා දී තිබෙන තොරතුරුවලට අනුව සටහන් කර තිබේ.

එසේම මෙහි යම්කිසි වරදක් තිබේනම් එය නිවැරදි කර ගැනීමටද අදාල පාර්ශ්වයන්වලට හැකියාව තිබෙන අතර ඒ සදහා ඉඩ වෙන්කර තිබේ.

Exit mobile version