කෝටි 10ක රන් රේගුවේ හිර වෙයි.

රුපියල් කෝටි දොළහක් වටිනා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 500 ක් බර  ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක් අද (22 )  කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 ඇය 35 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි . ඇය ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී සිටින අතර එනිසා ඇයට මෙරට වාසය කිරීම සදහා ද නේවාසික වීසා හිමි වී තිබේ. 

ඇය තම සිරුරේ ඉන ප්‍රදේශයේ බැද තිබූ විශේෂ බද පටියක් භාවිතා කර , ඒ තුළ සහ ඇයගේ අත් බෑගය තුළ පාර්සල් 08 ක් ලෙස සකස් කර තිබූ  1,438 ක් වූ මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබූ බවට රේගු නිලධාරීහු පවසා තිබේ

Exit mobile version