මැණික් හෑරූ 10 ක් STF  අත්අඩංගුවට.

අනවසර, මහාපරිමාණ පතල් හැරීමේ නිරතව සිටි 10 දෙනකු ඒ සදහා භාවිතාකරනු ලබන උපකරණ තොගයක් සමග කුරුවිට පැරඩයිස් වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ කහවත්ත පොලිස් විශේෂ කාර්යබලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් හා ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එක්ව කරනලද වැටලීමකින් බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් රත්නපුර, කුරුවිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 ත් 49 අතර පසුවන අතර ඔහුන් විසින් ස්වාභාවික පරිසරයට හානිවන ආකාරයෙන් බලපත්‍ර රහිතව මෙම කැනීම් සිදුකල බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී තිබේ.

Exit mobile version