වෙඩිතැබීමකින් 10ක් මරුට – තිදෙනකුට තුවාල

ඉක්වදෝරයේ ගුවායාකිල් වරාය නගර ප්‍රදේශයේ අපරාද කරුවකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

එම  ප්‍රහාරය හමුවේ වයස අවුරුදු  5 වන දැරියක් ඇතුළු තිදෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම සිදුව ඇති අතර  එරට ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයට ඇදිරි නීතියද පනවා ඒ අවට ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි සදහන් වන්නේ.

Exit mobile version