අධිවේගයේ අනතුරකින් 10 ක් ජීවිතක්ෂයට .

දකුණු මෙක්සිකානු ප්‍රාන්තයේ චියාපාස්හි අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් සංක්‍රමණිකයන් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ .

භාණ්ඩ ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර සංක්‍රමණිකයින් පිරිසක් එහි රහසිගතව ගමන් කර ඇති බව සඳහන්.

අනතුරින් මියගිය සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් කාන්තාවන් බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version