ගතවූ මාස 06ක කාලය තුළ හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු රටින් පිටවී ගොස් ඇති බවත් , කරාපිටිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයකු ද විශ්‍රාම ගෙන රටින් පිටව ගොස් ඇති බවත් , එම වෛද්‍යවරයාගේ අඩුව පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපොහොසත් වී තිබෙන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කළ බව වාර්තා වේ .
මේ හේතුවෙන් ශල්‍යකර්ම සිදු කිරීමට නියමිත රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් , එම රෝගීන් විවිධ රෝහල්වලට ගෙනයාමට දැනට සිදුව ඇති බවත් සඳහන් වේ.
එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටලු නිරාකරණය නොවුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා යාමට සිදුවන බවයි.
