පොලිස් විශේෂ කාර්ය බළකාය පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් කුඩා මැදවච්චිය චීනගේ වත්ත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් දස දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන් අතර ව්‍යාපාරිකයකුද සිටින බව පොලිසිය සදහන් කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් විසින් පුද පූජා පවත්වමින් කැණීම් සිදුකරමින් සිටි බව එම නිලධාරින් පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැක කරුවන් වයස අවුරුදු 70 ත් 38 ත් අතර පුද්ගලයන් වන අතර STF නිලධාරීන් විසින් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පොලොන්නරුව, උහන, අඹන්පොල ,අඹේපුස්ස ,බඩල්කුඹුර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරනු ලබයි
