ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 ක් ජීවිතක්ෂයට .

සිරියාවේ හෝම්ස් නගරයේ හමුදා ඇකඩමියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ .

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කැඩෙට් නිලධාරීන්ගේ උපාධි ප්‍රදානෝත්සවයකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ද මිය ගොස් ඇති බවත් , ඒ අතර දරුවන් සහ කාන්තාවන් ද සිටින බවත්ය .

මේ සම්බන්ධයෙන් සිරියානු රජය චෝදනා කර ඇත්තේ අන්තර්ජාතික සහාය ලබන ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි .

Exit mobile version