වෙළඳ , වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර මෙහි සමාරම්භක උත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වූ බව සඳහන් වේ.
මෙහිදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300ක් බෙදා දී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස හතරක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
