අද උදෑසන සිටම රට පුරා ගෑස් පෝලිම් සහ රස්තියාදු වන ජනතාව මහා මාර්ගයන් වසා දමමින් විරෝධතා වල නියැලුනා.
මහනුවර හල්ලොලුවදී ගෑස් ප්‍රවාහන ලොරියක සහායකයෙකුට ජනතාව පහර දී තිබේ.
කෑගල්ල රන්වල හන්දියේදී කොලඹ නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවල නියැලුනා. ඒ ගෑස් ඉල්ලමිනි.
ඒ අතර අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවයේ නියැළුණා. ඒ භූමි තෙල් ඉල්ලමිනි.
මාතර, ඔරුගොඩවත්ත, කෑගල්ල, ඇහැලියගොඩ, හොරණ, මහනුවර ආදී ප්‍රදේශවල ජනතාව සිය ගණනක් මෙසේ පාරවල් වසා සහ පාරවල් අවහිර නොකරමින් විරෝධතා වල නියැලුනා.
ඒ අතර ඊයේ මරණයකින් කෙළවර වූ නිට්ටබුව තෙල් පෝලිමේදී සිදු වූ පහර දීමට අදාළ පලා ගිය සැකකරු අද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
