ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතාට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද ප්‍රතික්ෂේප කල බවට වාර්තා වේ.
තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා 667ක් යටතේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුව අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ සෑම මසකම පළමු සහ තෙවන ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස අද අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කල නමුත් ඔහු අධිකරණ නීති කඩ කල බැවින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
