යාපනය – මන්නාරම මාර්ගයේ වෙල්ලන්කුලම් ප්‍රදේශයේ කෝවිලකට පැමිණි පිරිසක් යළි සිය නිවස කරා යමින් සිටිය දී පිරිසක් විසින් පහර දීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගිය 06 වනදා මෙලෙස කෝවිලේ පූජාව සඳහා ට්‍රැක්ටරයෙන් පැමිණි පිරිස යළි පිටව යාමේදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදුව ඇති අතර ඉන් ට්‍රැක්ටරයේ රියදුරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
