ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.
අදාළ කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුවීමත් සමග පුද්ගලයන් කිහිපදෙනෙකු සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි 11ක් මියගොස් තවත් සිව් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයින් අතර 10 හැවිරිදි සහ 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු සිටින බව සදහන්.
අදාළ ගෑස් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
