මහරගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු 11 ක තැන්පතුකරුවන් 33 ,000 කගේ රුපියල් කෝටි 105 කට අධික මුදලක් එහි නිලධාරීන් විසින් වංචා කර ඇතැයි ගනුදෙනුකරුවන් චෝදනා කරන බව වාර්තා වේ.
මෙම තැන්පතු මුදල් වලින් රුපියල් කෝටි 25 ක් පමණ ණය වශයෙන් ලබාදී ඇති අතර ඉතිරි කෝටි 80 ක් පමණ වන තැන්පතු මුදල් බැංකු වල නොමැති බව සඳහන්.
ඒ අනුව ණය වශයෙන් ගෙවා ඇති රුපියල් කෝටි 25 ක මුදලින් රුපියල් කෝටි 17 ක ණය කාල සීමාව ඉකුත් වී ඇති බවත් , එහි නිලධාරීන් විසින් විවිධ සේවා සමූපකාර සමිතියේ මූලස්ථාන ගොඩනැගිල්ල උකස් කර රුපියල් තුන් කෝටි තිස් පන් ලක්ෂයක ණය මුදලක් ගෙන ඇති බවත් , මාදිවෙල ඇති ඉඩමක් ද උකස් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
ගනුදෙනුකරුවන් ප්‍රකාශ කරන්නේ රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් ද ඇපයට තබා රුපියල් හත් කෝටි අනූ අට ලක්ෂයක ණයක් මෙම නිලධාරීන් විසින් ලබා ගෙන ඇති බවත් , අදාළ මුදල් ප්‍රමාණයට කුමක් සිදු වූයේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ය.