ස්ව කැමැත්තෙන්ම විශ්‍රාම ගන්නා සේවකයන් 1100ක් .

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් 1100 දෙනෙකු ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට ඉදිරිපත්ව ඇති බවට එහි සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම පිරිසට වන්දි ගෙවීමට රුපියල් මිලියන 2660ක් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් උපයා ගැනීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජුනි මාසයේ වැටුපෙන් අඩක් ගෙවීම හේතුවෙන් පසුගියදා ඉංජිනේරු සංස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මුල්‍ය අර්බුදය හමුවේ සේවකයන් සඳහා පූර්ණ වැටුප ලබා දීමට නොහැකිවූ බවයි.

කෙසේ වෙතත් අද (10 වැනිදා) සම්පූර්ණ වැටුප ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version