පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම වසරේ ගතවූ කාලය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව ඉන් පැමිණිලි 9774 ක් මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකතන අංකයට ලැබී ඇති බවත් , අනෙකුත් පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී ඇති බවත් , ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවකට මේ වන විට විසඳුම් ලබා දී අවසන් බවත් සඳහන් වේ .
එමෙන්ම පැමිණිලි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවත් ,1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශ පවතින බවත් ජාතික පොලිස් කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
