ගාලු පාරේ ගුටි ඇනගත් 12ක් පොලිස් දැලේ.

ගාලු පාර අවහිර වන අයුරින් රණ්ඩු වෙමින් සිටි පුද්ගලයින් දොළොස් දෙනෙකු අද (15) මොරටුව එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමින් අට දෙනෙකු සිටි බව සඳහන් .

පොලිසිය සඳහන් කරන්නේ ආරවුලට හේතුව පොලී මුදල් ගනුදෙනුවක් බවත් , පහර කෑමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් , මෙම ආරවුල ඔවුන්ගේම ඥාතීන් අතර සිදු වූ ආරවුලක් බවත් ය .

Exit mobile version