බස්නාහිර පළාතේ තැපැල් කාර්‍යාලය 13 ක් පැය 24 පුරා විවෘතයි .

බස්නාහිර පළාතේ තෝරාගත් තැපැල් කාර්යාල 13ක් පැය 24 පුරා විවෘතව ඇතැයි තැපැල් දෙපාර්මේන්තුව විසින් දැනුම්දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාල එසේ පැය 24 පුරා විවෘතව තැබෙන බවයි.

ඒ අනුව එම තැපැල් කාර්යාල හරහා පොලීසිය මගින් නිකුත්කරන දඩ පත්‍රිකාවල දඩ මුදල් එම තැපැල් කාර්යාල හරහා ගෙවීමට හැකිවනු ඇතැයි ද තැපැල් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Exit mobile version