English
සිංහල
04:34 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “13 වන සංශෝධනයෙන් රට බෙදෙන්නේ නෑ” – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    උතුරු හා නැගෙනහිර මෙන්ම දකුණේ ඇතැම් දේශපාලඥයන්ගේ අදහස්වලට දකුණේ ජනතාව කලබල විය යුතු නැහැ.

    • ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳිය හැක්කේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා අවබෝධය තුළින් පමණයි.
    • සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසයයි- ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා.

    පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව දකුණේ ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසීය.

    ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳිය හැකි වන්නේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා අවබෝධය තුළින් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එමඟින් රට බෙදීමක් කිසිසේත් සිදු නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

    ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කැඳවා සර්ව පාක්ෂික සමුළුවක් ද පැවැත්වූවා. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් 13 වැනි සංශෝධනය හඳුන්වා දෙන සමයේ දී එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ වත්මන් ජනාධිපතිවරයා බලය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

    බලය බෙදාහැරීම තුළින් රට දෙකඩ වන බවට දකුණේ ඇතැම් දේශපාලන නායකයන් ද ප්‍රකාශ කරනවා. එසේම උතුරු හා නැඟෙනහිර දේශපාලන නායකයන් ද පූර්ණ බලය බෙදීමක් ඉල්ලා සිටිනවා. මේ දෙපාර්ශවයම කටයුතු කරන්නේ දැඩි ස්ථාවරයක සිටයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ දෙපාර්ශ්වයම මධ්‍යස්ථ ප්‍රවේශයකින් යුතුව සුහදව සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම මේ රටේ ඉදිරි ගමනට වඩාත් සුදුසු බවයි.

    උතුර හා නැගෙනහිර නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන් මෙන්ම දකුණේ ඇතැම් දේශපාලඥයන් ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් දකුණේ ජනතාව කලබල විය යුතු නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් රට බෙදීමක් සිදු වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ සියලු පළාත්වලට සමානව බලය බෙදී යාමක් පමණයි.

    මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි වන්නේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් පමණයි. එබැවින් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාත නියෝජනය කරන පක්ෂයක් ලෙස අපේ මතය ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටිනවා.

    රටක් සංවර්ධනය කිරීමේදී මාර්ග පද්ධතිය ඉතා වැදගත් සාධකයක්. කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම අපහසු වී තිබෙනවා. දැනට අමාත්‍යාංශය සතු ප්‍රතිපාදනවලින් මාර්ග සංවර්ධන කටයුතු හැකිතාක් දුරට සිදු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. නමුත් එම ප්‍රතිපාදන මේ වන විටත් ලැබී තිබෙන සියලු ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා විදේශීය ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

    මීට අමතරව රටේ සංචාරක කලාප සංවර්ධනය, අපනයන වගාවන් ප්‍රවර්ධනය, මත්ස්‍ය කර්මාන්තය හා දේශීයව වගා කළ හැකි ධාන්‍ය වගාව ආදී විවිධ වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

    නැගෙනහිර පළාතේ කජු වගාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. භාවිතයට ගෙන නොමැති රජයේ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි. ඒ වෙනුවෙන් විදේශ ආයෝජන ලබාගැනීමට දැනටමත් කටයුතු කර තිබෙනවා.”

    (ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version