බැංකොක් නගරයේ පිහිටි සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයකින් වෙඩි හඬක් ඇසුණු බවට වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය පවසා ඇත්තේ සියම් පැරගොන් වෙළෙඳ සංකීර්ණය දෙසට තමන් ගමන් කරමින් සිටින බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සක්‍රීය වෙඩික්කරුවෙක් සිටින බවට පළමු සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන බවයි.
එමෙන්ම සමාජ මාධ්‍ය වල සංසරණය වන සමහර වීඩියෝ වල මිනිසුන් දිවයන දර්ශන දැකගත හැකි බව සඳහන්.
මේ සම්බන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර වයස අවුරුදු 14ක් පමණ වන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
