අලි මිනිස් ගැටුමෙන් මේ දක්වා වන අලි 15 ක් මිය ගිහින්.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 191 ක් වසරේ මේ දක්වා කාළය තුළ මිය ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහි ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ වෙඩි තැබීම්, විදුලි සැර වැදීමෙන්, හක්කපටස් පිපිරීමෙන්, විෂ ශරීර ගතවීමෙන් ඇතුලු වෙනත් අනතුරු හේතුවෙන් මෙම අලින් මියගොස් ඇති බවයි .

ඒ අනුව වෙඩි තැබීම් හේතුවෙන් වන අලින් 72 ක්, විදුලි සැර වැදීමෙන් වන අලින් 45ක්, හක්කපටස් පිපිරීමෙන් වන අලින් 37 ක්, විෂ ශරීර ගතවීමෙන් වන අලින් 3 ක්, දුම්රිය අනතුරු මගින් වන අලින් 16ක්, වගා ළිං වලට වැටීමෙන් වන අලින් 3 ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් වන අලින් 15ක් මියගොස් ඇති බව වාර්තා වේ .

Exit mobile version