දුම්රිය අනතුරකින් 15 ක් මරුට – 100 කට තුවාල.

බංග්ලාදේශයේ Kishoreganj ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ .

ඩකා බලා ධාවනය වූ එම සීඝ්‍රගාමී දුම්රිය, Chattogram බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ

අනතුරින් පසු බංග්ලාදේශයේ අනෙකුත් ප්‍රදේශවලට දුම්රිය ධාවනය ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Exit mobile version