ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව සඳහා එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1500 ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ.ස්ටාලින් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
තිරුවානාමලෙයි , තිරුචිරප්පල්ලි , කොයිම්බතූර් , ඊරෝඩ් , සේලම් , විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඉන්දීය රුපියල් මිලියන 79.70 ක වියදමින් ඉදි කරන ලද නිවාස 1591 ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා විසින් විවෘත කර තිබේ .
