16 දරුවෙක් නේමිගේ වැවට බිලි.

ඊයේ (07) මහඔය , නේමිගේ වැවේ මසුන් ඇල්ලීමට සඳහා ගොස් සිටි පිරිසක් අතරින් 16 හැවිරිදි දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .

මිය ගිය දරුවා , තවත් කිහිප දෙනෙකු සමඟ නේමිගේ වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර එහිදී එක් අයෙකු දියේ ගිලෙමින් සිටින බව දුටු අවස්ථාවේ දී මෙම දරුවා ඔහුව බේරා ගැනීමට උත්සාහ දැරීමේදී දියේ ගිලී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහවැල් ගම්මානය , පොල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙකි .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මහඔය පොලිසිය විසින් සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version